නොවැම්බර් 16 වනදා සිට එනම් හෙට දින සිට 30 වනදා දක්වා ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (15) නිකුත් කළේය.
ඊට අනුව මහජන ඒකරාශීවීම්, රැස්වීම් හා උත්සව අද ( 15) රාත්‍රී 12.00 සිට සිට ලබන 30 වැනිදා දක්වා තහනම් කර ඇත
කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම නව මාර්ගෝපදේශ සංග්‍රහය නිකුත් කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි .
එමඟින් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, කොවිඩ් වසංගතය පැතිරීම පාලනය සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කරන ලෙසය.
නිවසින් බැහැරට යෑම හැකිතාක් දුරට අඩුකරන ලෙසත් ඔහු ඉල්ලා සිටී.
මෙහිදී *අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්ති සඳහා එම පන්ති පවත්වන ස්ථානයේ ධාරිතාවයෙන් 50%ක් සහිතව අවසර ලබාදී තිබේ. එසේම දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව විභාග පැවැත්වීමට ද අවසර හිමිවේ. අදාළ මාර්ගෝපදේශවලට අනුව එම කාලසීමාව තුලදී මහජන එක්රැස්වීම්, රැස්වීම් ද තහනම් කර තිබේ.