ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සාමාජිකයින් තවදුරටත් වර්ජනයේ නිරතවීමට බලපා ඇති කරුණු සම්බන්ධයෙන් ඉදිරියේදී මල්වතු සහ අස්ගිරි පාර්ශවවල මහා නාහිමිවරුන් දැනුවත් කරන බව ලංකා ගුරු සේවා සංගමය ප්‍රකාශ කර සිටී .
වර්ජනයෙන් ඉවත් වී පාසල් දරුවන් සදහා අධ්‍යාපන කටයුතුවල නිරත වන ලෙස ඉකුත්දා මහා නාහිමිවරුන් ගුරු විදුහල්පතිවරුන්ගෙන් කල ඉල්ලීම පිළිබඳව අදහස් දක්වමින් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා මේ බව මාධ්‍ය වෙත පැවසුවේය ..
ඒ අනුව තමන් තවදුරටත් වර්ජනයේ නිරතවීම සම්බන්ධයෙන් මහා නායක හිමිවරුන් දැනුවත් කරන බව ද ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මෙහිදී පැවසුවේ.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලිංද මෙහිදී මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක් කිරීමට සැරසේ .