ප්රබෝධා හෙට්ටිආරච්චි
අනුමැතියක් ලබාදීම වෙනුවෙන් පුද්ගලයකුගෙන් රුපියල් 150,000 ක් අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ම මහනුවර මහනගර සභාවේ නාගරික මන්ත්රීවරුන් දෙදෙනෙකු අල්ලස් කොමිසම විසින් ඊයේ (5) අත්අඩංගුවට ගෙන තිබේ.
කටුගස්තොට පාලම අසළ ඩිජිටල් පුළුල් තිරයක් සවි කිරීමට අදාළව නගර සභාවේ කටයුතු කඩිනමින් ඉටු කරදීම සඳහා ඔවුන් මෙම අල්ලස් මුදල ඉල්ලා ඇත.
මේ සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා අල්ලස් කොමිසමට සිදුකරන ලද පැමිණිල්ලක් මත ඊයේ (05) දිනයේ එම අල්ලස් මුදල මහනුවර පිහිටි රෝහලකදී ලබාගැනීමට ගිය අවස්ථාවේ සැකකාර මන්ත්රීවරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.