මහනුවර පාසල් සඳුදා සිට යලි විවෘතයි

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මහනුවර නගර සීමා බල ප්‍රදේශයේ වසා දමා තිබුණු පාසැල් 45 න් 42 ක් එළඹෙන සඳුදා (14) විවෘත කිරීමට කිරීමට රජය  තීරණය කර ඇත .

ඒ අනුව ත්‍රිත්ව ,තක්ෂිලා හා කලෙයිමගල් යන විද්‍යාල පමණක්  තවදුරටත් වසා තැබෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා මාධ්‍ය වෙත  පැවසීය.

මධ්‍යම පළාත් කොරෝනා කමිටු සමාජිකයින් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු අද (11) සියලු දෙනාගේ එකඟතාව මත පාසැල් විවෘත කිරීමට තීරණය කළ බවද ආණ්ඩුකාරවරයා මෙහිදී කීය.

පාසැල් දරුවන් අවදානමකට ලක්වන්නේ පාසැලට එන යන අතරමඟදී බැවින් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන ලෙස තමන් දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින බවත් පාසැල හා නිවස දරුවන්ට ආරක්ෂිත බවද ආණ්ඩුකාරවරයා පැවැසීය.පාසැල්වල සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද උපරිමයෙන් ආරක්ෂා කරන ලෙස දැනුම් දී තිබෙන අතර ඒ සම්බන්ධව කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු මගින් විදුහල්පතිවරු දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබෙන බවත් ගමගේ මහතා ප්‍රකශ කළේය.