උමංග බණ්ඩාර
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දීප ව්‍යාපත්ව සංවිධාන කරන ආණ්ඩු විරෝධී රැළි මාලාවේ පළමු වැන්න අද මහනුවරදී පැවැත්වෙනවා. අද පස්වරු 3 ට මෙම විරෝධතාව ආරම්භ වන්නේ මහනුවර පොදු වෙළදපොල ඉදිරිපිටදීයි. ඒ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කණ්ඩායමක එක්වීමට නියමිත බවද වාර්තා වෙනවා.
මෙම රැළියේ දී ප්‍රථම වරට ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලන රැළියක් අමතන බවට කලින් වාර්තා වූ අතර පසුව ඒ මහතා ප්‍රකාශ කලේ සුදුසු කලට දේශපාලන වේදීකාවට ගොඩවන බවයි.
මේ වසර ඡන්ද කීපයක් පැවැත්වීමට නියමිත බැවින් මෙම දේශපාලන රැළිය තීරණාත්මක වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසයි.