මහමඟ බරපතළ අනතුරු කළ දරු දෙදෙනාගේ SSP පියාට මාරුවක්

Picture of අසංක

අසංක

නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිට පසුගියදා මෝටර් රථ අලෙවිසලකට කෝටි ගණනක අලාභහානි කරමින් සුපිරි රථයක් ගැටුණු අනතුර සිදුකළ තරුණියගේ පියා වන නුගේගොඩ කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්‍යාලයේ සාමාන්‍ය රාජකාරි සඳහා මාරුකර යවා තිබේ.

ඒ වෙනුවට නුගේගොඩ කොට්ඨාසය භාරව පත්කර ඇත්තේ ජේෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතායි.

නුවන් අසංක මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂවරයා ලෙස පසුගියදා පත්කළ ද එහි දැනට කටයුතු කරමින් සිටින ජේෂ්ඨ පොලිස් අධිකාරී පද්මිණී වීරසූරිය මහත්මිය කොමිසමෙන් නිදහස් නොකිරීම නිසා නුවන් අසංක මහතාට එම ධුරය බාරගත නොහැකි විය.

කෙසේවෙතත් ඉහත මාරුවීම ලැබූ නුගේගොඩ කොට්ඨාසය භාරව සිටි ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ දියණිය කළ අනතුර සමාජය තුළ ආන්දෝලනයකට තුඩුදුන්නේ ඔහුගේ පුතා එනම් එම තරුණියගේ සොයුරා ද පසුගිය වසරේ පොලිස් ස්ථානාධිපතිවරයා මරුමුවට පත්කරමින් කරන ලද අනතුර හේතුවෙනි.

එහි නඩු විභාගය ද තවම විභාග වේ.