* හේතුව සෝෂල් මීඩියා දැමූ වීඩියෝවක්
දම්පත් රණසිංහ
මහරගම මහනගර සභාවේ ඊයේ (06) පැවති මාසික සභා රැස්වීම අතරතුර මන්ත්‍රීවරියක් සහ මන්ත්‍රීවරයෙක් අතර ගුටි බැට හුවමාරුවක් සිදුවීමෙන් එහි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.
පාලක පක්ෂය නියෝජනය පොදුජන එක්සත් පෙරමුණේ සාවිත්‍රි ගුණසේ්කර සහ විශාන්ත විමලරත්න අතර මෙම ගැටුම හටගැනිණ.
නගර සභාවේ මන්ත්‍රී කාමරයේ ඇතිවූ සංවාදයක් සාවිත්‍රි ගුණසේකර මන්ත්‍රීවරිය විසින් සිය ජංගම දුරකතනයෙන් වීඩියෝගතකර සමාජ මාධ්‍යට මුදා හැරීමකට විරෝධය දැක්මක් අතරතුර මෙම ගැටුම හටගත්තේය.
මන්ත්‍රීවරිය ඇය අසුන් ගෙන සිටි ස්ථානයෙන් නැගිටවිත් මන්ත්‍රීවරයාට දිගට හරහට පහරදෙන අතර මන්ත්‍රීවරයා එම පහරවල් වලක්වන්නට උත්සහ කරනු දක්නට හැකි විය.
මන්ත්‍රීවරිය, සෙසු මන්ත්‍රීවරියන් විසින් පාලනය කිරීමට දැඩි උත්සහයක නිරත විය.