මහර බන්ධනාගාරයේ කොරෝනා වෛරසය ආසාදනය වූ රැඳවූවන් 187 දෙනෙකු හිස් කරන ලද වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය වෙත එවා තිබේ.
මේ අතර මහර බන්ධනාගාරයේ රැඳවූවන් වෙත ආහාර යැවීම වැලිකඩ ඇතුළු පිටත බන්ධනාගාර වලින් සිදුකරන බව වාර්තාවේ.
මේ අනුව වැලිකඩ බන්ධනාගාරයෙන් බත් පැකට් 2300ක් අද මහර බන්ධනාගාරය වෙත යවා ඇත.
උදෑසන ආහාරය සඳහා පාන් ගෙඩි 2000ක් යැවීමට ද වැලිකඩ බන්ධනාගාරය කටයුතු කර තිබේ.
එක වරම විශාල ප්රමාණයක් ආහාර සැකසීමට වැලිකඩ බන්ධනාගාරයට සිදු වීම නිසා අද දහවල් ආහාර සැපයීම ප්රමාද වූ බවද වාර්තා වේ.