මහර බන්ධනාගාරයේ මියගිය සියලු දෙනාගේ මරණයට හේතුව වෙඩි වැදීමයි – උසාවියට දන්වයි

Picture of අසංක

අසංක

මහර බන්ධනාගාරයේ මියගිය රැඳවියන් එකොළොස් දෙනාම වෙඩි වැදීමෙන් මියගොස් ඇති බවට වත්තල අධිකරණයේදී අද කරුණු අනාවරණය විය.

එම මළ සිරුරුවල පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා පත්කරන ලද විද්වත් කමිටුව විසින් එම කරුණු අධිකරණයට වාර්තා කර ඇත.

මෙම සිද්ධියේදී මුලින් පළ කෙරුණේ රැඳවූවන් එකොළොස් දෙනාම මියගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් නොවන බවටත් එහිදී ඇති ඇතිවූ ගැටුමේදී තුවාල ලබා මියගොස් ඇති බවටත් ය.

කෙසේ වෙතත් මියගිය සියලු දෙනාටම covid ආසාදනය වී ඇති බවටත් එබැවින් එම මළ සිරුරු 11ම ආදාහනය කළ යුතු බවටත් මීට පෙර ප්‍රකාශ වුවද අධිකරණයේදී අද කරුණු වාර්තා කර ඇත්තේ ඉන් 8 දෙනෙකුට පමණක් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

ඒ අනුව වෛරසය ආසාදනය නොවූ මළසිරුරු තුනක් භූමදානය සඳහා අධිකරණය අවසර ලබාදී තිබේ.