මහර බන්ධනාගාරයේ සිද්ධිය මෙහෙයවූ අය ගැන හෙළිදරව්වක්

Picture of අසංක

අසංක

මහර බන්ධනාගාරයේ පසුගියදා ඇතිවූ ඇතිවූ සිද්ධිය මෙහෙයවා ඇත්තේ මිනිස් ඝාතන දෙකක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිර දඬුවම් විඳින පුදගලයකු බවට අනාවරණය වී තිබේ.

බන්ධනාගාරයේ එන් වාට්ටුවේ සිටි ඔහු තම අනුගාමිකයන් සමඟ පැමිණ එහි රෝහලට ඇතුළු වී එහි සිටි හෙදියක සහ සාත්තු සේවිකාවක සිය භාරයට ගෙන එහි තිබූ ඖෂධ වර්ග 5ක් ගෙන බන්ධනාගාර රැඳවූවන්ට පානය කිරීමට ලබාදී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශනවලදී හෙළිවී තිබේ.

මෙම පුද්ගලයා මෙම සිද්ධිය මෙහෙයවීමට මේ අයුරින් කටයුතු කළේ ඇයි ද? කාගේ උවමනාවකට ද යන්න පිළිබඳ මේ වන විට විමර්ශනය කරමින් සිටී.

බන්ධනාගාර ගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට පමණක් කොවිඩ් ප්‍රතිකාර කරන බවටත් සෙසු රැඳවූවන්ට covid ප්‍රතිකාර නොකරන බවටත් මෙම රැඳවූවන් විසින් මතයක් පතුරුවා ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ හරහා රැඳවූවන් කුපිත කරවීමට කටයුතු කර ඇති බවටද අනාවරණය වී තිබේ.

මහර බන්ධනාගාරයේ මියගිය ලද වූවන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය මෙතෙක් සිදු නොවීම නිසා ඔවුන් මිය ගිය හේතු නීත්‍යානුකූලව ප්‍රකාශයට පත්කොට නොමැති බව වාර්තා වේ.

මියගිය පුද්ගලයන් ගෙන් අනන්‍යතාවය පැහැදිලිව හඳුනාගෙන ඇත්තේ ද සිව් දෙනෙකුගේ පමණක් බව සඳහන්ය.

මෙම මරණ සිදු වී ඇත්තේ පහරදීමකින් ද වෙඩි තැබීමකින් ද කපා කොටා ගැනීමකින් ද යන්න නියමිත පරිදි තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශණයෙන් නිශ්චිතව අනාවරණය වී නැත.