මහර බන්ධනාගාරයේ අධිකාරිවරයා ඇතුළු නිලධාරීන් පහළොස් දෙනකු වහාම ක්රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබේ.
ඒ අනුව මහර බන්ධනාගාර අධිකාරිවරයා පුහුණු පාසලට හා සෙසු අය වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා ඇත.
මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සහ ඒ අවස්ථාවේදී රැඳවූවන් එකොළොස් දෙනකු වෙඩි වැදී මියයාම මුල් කොට ගෙන මෙම ස්ථානමාරුවීම් සිදුකර ඇතැයි වාර්තා වේ.