අභාවප්‍රාප්ත මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ දේහය කිසිදු අවමගල්‍ය උත්සවයකින් තොරව රාගම වෛද්‍ය පීඨය වෙත බාරදීමට ඥාතීන් පියවර ගත් බව ඔහුගේ බෑණා වන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.
ඒ මහාචාර්යවරයාගේ අවසන් කැමැත්ත පරිදි ය.
ඒ අනුව අද පස්වරු 6ට දේහය වෛද්‍ය පීඨය වෙත බාරදීමට සැලසුම් කර ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අද පෙරවරුවේ මහාචාර්යවරයා මියගොස් තිබුණේ ඇතුල්කෝට්ටේ පිහිටි නිවසේ සිටියදී ය.
මියයන විට ඒ මහතා 86 වැනි වියෙහි පසුවිය.