මහින්ද රාජපක්ෂ මහතා බුර්කාව තහනම් කිරිමට විරුද්ධ බව පැතිර යන පුවත් අසත්‍යයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

බුර්කාව තහනම් කිරීමට විපක්‍ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විරුද්ධ බව සමාජ මාධ්‍ය ජාලා වල ප්‍රචාරය වන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව විපක්ෂනායක කාර්යාලය නිවේදනය කරයි.

එසේම 29 දා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ සමස්ත ලංකා ඉස්ලාම් වියතුන්ගේ සංගමයේ නියෝජිත හමුවේදී මුස්ලිම් කාන්තාවන් මුහුණු වැසෙන සේ පළදින බුර්කාව තහනම් කිරීම පිළිබඳව කිසිදු සාකච්චාවක් සිදුනොවූ බවද එම නිවේදනයේ දැක්වෙයි.