ඉන්දියාවේ බැංගලෝර්හිදී පැවැත්වීමට නියමිත සමුළුවක් සදහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වීමට නියමිතව තිබේ.
මෙම සමුළුවේ සමාරම්භක දේශනය පැවැත්වීමට ද විපක්ෂනායකවරයාට ඇරයුම් ලැබී ඇත.
ලබන 09 සහ10 යන දෙදින පැවැත්වෙන මෙම සමුළුව සංවිධාන කරනු ලබන්නේ ‘ද හින්දු’ පුවත්පත විසිනි.
ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර අනාගත සබ
දතා මූලික කරගනිමින් මහින්ද රාජපක්ෂ මහතා එම දේශනය පැවැත්වීමට නියමිතය.
දෙවන දිනයේදී සමුළුවේ දේශනය පවත්වනු ලබන්නේ ඉන්දියාවේ උප ජනාධිපති වෙන්කයියා නායිදු විසිනි.
සමුළුවෙන් අනතුරුව ඉහළ පෙළේ නායයන් කිහිපදෙනකු සම`ග සාකච්ඡුා කිරීමට ද මහින්ද රාජපක්ෂ මහතා අපේක්ෂා කරයි.