නවතම පුවත්

මහ බැංකුව ඩොලර් විකුණයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා රුපියලට එරෙහිව එක්සත් ජනපද ඩොලරයේ කැපීපෙනෙන පහළ යාමක් අද (15) දිනයේ දී වාර්තා වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දිනයේ දී ඩොලරයේ ගැනුම් මිල රු. 297.19 ක් ලෙසත් විකුණුම් මිල රු. 306.40 ක් ලෙසත් සටහන් වී ඇත.

අද දිනයේ දී ඩොලරයේ මධ්‍ය අගය සටහන් වී ඇත්තේ රු. 302.19 ක් ලෙසිනි. පසුගිය සිකුරාදා (12) මෙම අගය රු. 303.32 ක් ලෙසින් වාර්තා විය.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ පසුගිය 2024 ජූනි මාසය තුළ දී මිලියන 57ක ඩොලර් ප්‍රමාණයක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ අලෙවි කර ඇති බවයි. එසේම කිසිදු ඩොලර් මිල දී ගැනීමක් පසුගිය ජූනි මාසයේ දී මහ බැංකුව විසින් සිදුනොකර තිබීම ද විශේෂත්වයකි. මෙලෙස මහ බැංකුව 2024 වසරේ දී මේ දක්වා දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් කිසිදු විනිමය මිල දී ගැනීමක් සිදුනොකළ මාසය බවට ද, 2024 ජූනි මාසය හැඳින්විය හැකිය.

මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ 2024 වසරේ ජූලි 12 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී එක්සත් ජනපද ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියල සියයට 6.8 කින් අතිප්‍රමාණය වී ඇති බවයි.

කෙසේවෙතත් මැයි සහ ජූනි මාසවල දී රුපියල පිළිවෙලින් සියයට 1.7 කින් සහ සියයට 1.2කින් අවප්‍රමාණය වී ඇති බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

image-1
බානගල නා හිමියන් ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක් .
Capture
රනිල්ගේ පස් අවුරුදු මෙහෙයුම එළිදකී
money
ඡන්ද කටේ ජනතාවට ඇති සැබෑම ප්‍රශ්නය ගැන සමීක්ෂණයකින් හෙළිවූ දේ..
image-14
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)
image-13
ජනපති සටනට එන අපේක්ෂකයින් මෙන්න !
image-10
කඳුකර දෙමළ ජනතාවගේ අයිතීන් සුරක්‍ෂිත කිරීමට සෑම රජයක්ම අපොහොසත්වෙලා !
image-9
මැලිබන් සභාපති අභාවයට මහාබෝධියේ ශෝකය.
image-8
අධිකරණයට යලිත් අපහාස කිරීම සම්බන්ධයෙන් DSI සැම්සන් සමූහ කළමනාකාර අධ්‍යක්ෂ කසුන්ට අධිකරණයෙන් නැවත සිතාසි!!
Dinesh-Gunawardena-scaled
රනිල් දිනවන්න, දිනේෂ්ගෙන් සන්ධානයක් !
image-7
බංගලි අරගලකරුවෝ , හෝටලයක් ගිනි තියයි, 24ක් මරුට!