මාකට් එකේ කහවල කොලිටිය සෙවීම අරඹයි

Picture of අසංක

අසංක

වෙළෙඳපොළේ ඇති කහවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය විශේෂ වැඩසටහනක් දියත් කර ඇත.

කහ හිඟයත් සමග විවිධ වර්ණක හා පිටි කලවම් කළ කහ විකුණන බවට පාරිභෝගික කටයුතු අධිකාරියට ලැබුණු පැමිණිලි අනුව මෙම වැඩසටහන ආරම්භ කර ඇත.

ඒ අනුව දිවයිනම අවරණය වන පරිදි ලබා ගත් කහ සාම්පළ 15 ක් ලංකා කාර්මික ආයතනයේ රසායනාගරය වෙත යොමු කර ඇති බව අධිකාරිය සඳහන් කර සිටී

වැඩි මිලට කහ අලෙවි කරන්නන් සොයා ද මේ වනවිට මෙහෙයුම් ක්‍රියාත්මක බව අධිකාරිය සඳහන් කර සිටී.