කැලණිය එජාප හිටපු ආසන සංවිධායක බෙවන් පෙරේරාගේ පුත් තුෂාර පෙරේරා රුපියල් ලක්ෂ එකහමාරක ශරීර ඇප මත අධිකරණය විසින් මුදාහැර තිබේ.
පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ නඩුව ආවරණය සඳහා අද අලුත්කඩේ අධිකරණයට ගිය මාධ්‍යවේදීන් අතරින් ලේක් හවුස් මාධ්‍යවේදියා කවුදැයි විමසා ගයාන් පුෂ්පික නමැති ලේක් හවුස් ඡායාරූප ශිල්පියාට පහර දීම නිසා තුෂාර පෙරේරා අත්අඩංගුවට ගෙන තිබුණි.
පසුව අධිකරණය වෙත ඉදිරිපත් කළ තුෂාර පෙරේරාගේ නඩුව යළි පෙබරවාරි 18 වැනිදා කැඳවීමට ද අධිකරණය නියෝග කළේය.