ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් එළිදැක්වු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ක්‍රමෝපායක් සහ කාලසටහනක් එළිදක්වන ලෙස අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටී .
46 වන මානව හිමිකම් සැසිවාරය අමතමින් අමෙරිකා එක්සත් ජනපද නියෝජිත ඩැනියෙල් ක්‍රොනේෆෙල්ඩ් මහතා මෙම ඉල්ලීම ශ්‍රී ලංකාව වෙත ඉදිරිපත්කළේය
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමෙරිකානු රජයේ නියෝජිතවරයා මෙසේද පැවසීය
“අමෙරිකාව මානව හිමිකම් මහකොමසාරිස්වරිය පෙන්වා දී ඇති කරුණු සමග එකඟ වෙනවා වගේම ශ්‍රී ලංකා රජයට අවධාරණය කරනවා, වාර්තාවේ ඇතුළත් නිර්දේශ ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය කාලරාමුවක් සහ ක්‍රමෝපායික සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස. සුළු ජාතීන්ව වෙන්කොට සැලකීම ඉහළයාම පිළිබඳව අපි කණස්සල්ල පළකරනවා වගේම නිදහස් ජනමාධ්‍ය ඇතුලුව සිවිල් සමාජයට හිමිවී ඇති ඉඩකඩ ඇහිරෙමින් පැවතීම ගැනද කණස්සල්ල පළකරනවා. වගවීමේ යාන්ත්‍රණයේ ඇති අඩුපාඩු වගේම ඉහළ තනතුරුවලට චෝදනා ලත් හමුදා නිලධාරීන් පත්කිරීම පිළිබඳවත් අපි කණස්සල්ල පලකරනවා,”