පැතුම් වික්‍රමරත්න
මාර්තු පළමු වැනිදා ආරම්භ වන අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජුනි මාසයේදී නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය, ජී. එල්. පීරිස් මහතා ඊයේ (22) මාධ්‍ය වෙත සඳහන් කළේය.
ඒ අනුව ජුනි මාසයේ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු ජූලි මාසයේදී උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද ඒ මහතා පැවසීය .
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් 6 22,305 දෙනෙකු පෙනී සිටින අතර මධ්‍යස්ථාන 4513 කදී විභාගය පැවැත්වේ.
මේ අතර කෝවිඩ් ආසාදිත විභාග අපේකෂකයින් සඳහා සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන පරිදි විශේෂ මධ්‍යස්ථාන 2 බැගින් ස්ථාපනය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ, මෙතෙක් ප්‍රවේශ පත්‍ර ලැබී නොමැති පෞද්ගලික අයදුම්කරුවන් වේ නම්, වෙබ් අඩවියට පිවිස ප්‍රවේශ පත්‍ර බාගත කර ගත හැකි බවයි.