මාරුව ලැබූ පොලිස් හිටපු මාධ්‍ය ප්‍රකාශක කන්කසන්තුරේ නොගිහින්ම කොළඹ යළිත් වැඩ

Picture of අසංක

අසංක

පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාශයේ අධ්‍යක්ෂ හා හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කොට, කන්කසන්තුරේ වෙත ස්ථාන මාරුවක් ලැබූ ජාලිය සේනාරත්න මහතා එහි වැඩ භාර ගැනීමෙන් තොරවම යළිත් පොලිස් මූලස්ථානයට පැමිණ ඇති බව වාර්තා වේ.

ඔහුට පෙරේදා ස්ථාන මාරුව ලැබී තිබුණේ උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර ලෙසයි.

ඊයේ දිනය තුළ ජාලිය සේනාරත්න මහතා වැඩ භාර ගැනීමට නියමිතව තිබුණි.

ඔහු ඒ සඳහා කන්කසන්තුරේ වෙත ගොස් නොමැති අතර අද වනවිට කොවිඩ් වැළැක්වීමේ විශේෂ රාජකාරිවලට පොලිස් මූලස්ථානයට අනුයුක්ත කළ බව පවසමින් පැමිණ ඇත.