මාවනැල්ලේ බුදු පිළිම හානි කළ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන්ට වැය කිරීමට පාස්කු ප්‍රහාරයේ බෝම්බකරු සහරාන් හෂීම් විසින් දුන් මුදල් සැකකරුවන්ගේ ඥාතීන්ට දී නැවත එකතුකර තැන්පත් කළ බැංකු ගිණුමක් ගැන තොරතුරු හෙළිවෙයි.
එම බැංකු ගිණුම නිට්ටඹුවේ පිහිටි බැංකුවකට අයත් එකක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී ඇත.
එහි හිමිකරු තරුණ නීතීඥවරියකි.
එම බැංකු ගිණුම විවෘතකර ඇත්තේ 2019 ජනවාරි මාසයේදී ය.
ලක්ෂ 17 ක පමණ මුදලක් එම ගිණුමට බැරවී ඇත.
එම මුදල් ඇය විසින් ලබාගැනීමෙන් පසු එම ගිණුමට කිසිදු මුදලක් බැරවී නැත.
විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ මාවනැල්ලෙන් ලැබෙන මුදල් වෙනුවෙන්ම පමණක් එම බැංකු ගිණුම විවෘත කර ඇති බවයි.
ගිණුම හිමි නීතිඥවරිය තිහාරියේ පදිංචිකාරියකි.
එම නීතීඥවරියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ඇත.
ඇය සදහන් කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකුගේ උපදෙස් මත තමාට මෙම බැංකු ගිණුම විවෘත කිරීමට සිදුවූ බවය.
ගිණුමට බැරවූ මුදල් එම නීතීඥවරයාට ලබාදීමෙන් පසු තමාට රුපියල් 30000 ක මුදලක් ඒ වෙනුවෙන් ලැබුණු බවද ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවේ සදහන් කර ඇත.
එම ජ්‍යෙෂ්ඨ නීතීඥයා මාවනැල්ලෙන් ලැබුණු එම මුදල ගැන තොරතුරු සැගවීමට උත්සහ ගත්තේ ඇයි දැයි ගැටළුවක් බවත් ඇය පවසා ඇත.
අදාළ ජ්‍යේෂ්ඨ නීතිඥයාගෙන් ද මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීමට නියමිතය