කොරෝනා වසංගතය හේතුවෙන් මාස කිහිපයක් වසා දමා තිබු ඉන්දියාවේ සංචි ස්ථූපය ලොව පුරා
බෞද්ධ සැදැවතුන් සඳහා නැවත විවෘත කර ඇත.
කෙසේවෙතත් පූර්ණ නීරෝධායන නීති යටතේ මෙසේ සාංචි ස්තූපය බැතිමතුන් සඳහා විවෘත කෙරෙන
බව ඉන්දීය මධ්‍යම රජයේ ගරු සංචාරක හා සංස්කෘතික අමාත්‍ය ප්රාහ්ලද් සිං පටෙල් මහතා එරට මාධ්‍ය වෙත සඳහන් කර ඇත.
පටෙල් මහතා මෙම තීරණය ගෙන ඇත්තේ පසුගිය බදාදා(17) දින සාංචි වෙහෙර සංකීර්ණයේ සිදු කල නිරීක්ෂණ
චාරිකාවකින් අනතුරුවය. මෙම අවස්ථාවට සාංචි විහාරාධිකාරි බානගල විමලතිස්ස හිමි සහ එම විහාරවාසි උඩුගම තපස්සි හිමි සහභාගී වූහ