නයිරෝබි බලා යාම සඳහා ඉතියෝපියාවෙන් ගුවන්ගත වූ යානයක් ගුවන්ගත වී මිනිත්තු 6කදී කඩාවැටී අනතුරට ලක්වී තිබේ.
ඒ මගීන් 157 දෙනෙකු සමගයි.
කිසිවකුත් දිවි ගලවාගැනීමට සමත් වී නැතැයි එරට වාර්තා සඳහන් කළේය.
අද පෙරවරු (එරට වේලාවෙන්) 8.30ට පමණ අනතුර සිදුවී තිබේ.
එරට රජයට අයත් ඉතියෝපියානු ගුවන් සමාගමේ බෝයිං 737 වර්ගයේ ET 302 දරණ යානය මෙහෙයුම් සදහා යොදවා දැනට ගතවී ඇත්තේ මාස 05ක් වැනි සුළු කාලයකි.
අනතුරට හේතුව මෙතෙක් සොයාගෙන නොමැති අතර දිවි ගලවා ගත්තවුන් හෝ තුවාල ලැබූවන් සොයා තවමත් මෙහෙයුම් ක්රියාත්මකයි.