මේ වසරේ මුල් කාර්තුව තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය රජය අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
“අපි නිල ණය හිමියන්ගෙන් සහතිකය ලබාදීමේ අවසන් අදියරේ ඉන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කරනවා. මේ රටට පමණක් නොව තවත් රටවල් රැසකට මේ සහයෝගය ලබා දී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග අප විසින් ගෙන තියෙනවා.
මේ වසරේ පළමු කාර්තුව තුළදී අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට හැකි වනු ඇතැයි අපට විශ්වාසයි. ඒ සඳහා අප විසින් බොහෝ දේ නිරාකරණය කර තිබෙනවා. හදුනාගත් ගැටලු පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. විශේෂයෙන්ම අපි මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් කටයුතු කර තිබෙනවා. අපගේ ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් මුල්‍ය සහතික ලබා ගැනීමේ අවසන් අදියරේ අප මේ වන විට කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවට සහතික වෙනවා.” රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.