මාළිගාවත්ත සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්

Picture of අසංක

අසංක

මාළිගාවත්ත ප්‍රදේශයේ දී හාජ්ජියාර්වරයෙක් විසින් මුදල් බෙදාදීමට සූදානම් වීමේදී තෙරපීමෙන් කතුන් තිදෙනකු මියගිය සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 7 දෙනා ලබන ලබන 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

රාමසාන් උපවාසයේ නිරත මුස්ලිම් ජනතාවට මෙලෙස බෙදාදීමට රුපියල් ලක්ෂ 5ක් ගෙන ආ නමුත් එය බෙදාදීමට නොහැකි වූ බවට සැකකරුවන් පොලීසියට පවසා ඇත.

හාජ්ජියාර්වරයා, ඔහුගේ පුතා, මස්සිනා සහ මේ සඳහා සහභාගී වූ ඔහුගේ සේවකයන් 4 දෙනෙක් ද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නිරෝධායන ඇඳිරිනීතිය කඩ කරමින් විශාල පිරිසක් රැස්කිරීමේ චෝදනාව මතය.

තුවාල ලැබූ 8 දෙනෙක් රෝහල්ගත කර ඇත.