මෙරට තුළ නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබියදී මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් මහතා එය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්
යාපනය නියෝජ්‍ය පොලිස්පති වරයා විසින් කරන ලද විමර්ශන වාර්තාව පොලිස් නීති කොට්ඨාසයට යොමුකර සති දෙකක් ගත වී ඇතත්
තවමත් එහි ඉදිරි කටයුතු සඳහා උපදෙස් ලැබී නැතැයි වාර්තා වේ.
රත්නජීවන් හූල් මහතාගෙන් සහ ඔහුගේ දුව සහ පුතාගෙන් මෙතෙක් එම විමර්ශනයට අදාළව සාක්ෂි ලබා ගෙන ද නොමැත.
රත්නජීවන් හූල් මහතා නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සිය දුව සහ පුතා මැතිවරණ කොමිසමට රැගෙන ඒම
සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් නිලධාරීන්ගෙන් සහ ඔහුගේ රියදුරාගෙන් සාක්ෂි ලබාගෙන මෙම විමර්ශන වාර්තාව සකස් කර තිබුණි.