ප්‍රබෝධා හෙට්ටිආරච්චි
හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත්කර තිබේ.
එළැඹෙන 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම පත්කිරීම සිදුකර ඇත.
ඒ අනුව, ඒ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස එදින වැඩ භාර ගැනීමට නියමිත බව වාර්තා වේ.
ප්‍රවීණ වරලත් ගණකාධිකාරීවරයෙකු වන ඒ මහතා මීට පෙර අමාත්‍යාංශ ලේකම්වරයෙකු මෙන්ම වසර 09කට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපති ධූරය ද හොබවා ඇත.