මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් හෙට(11) පැවැත්විමට නියමිතව තිබේ.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතාගේ ප්රධානත්වයෙන් එහි නිලධාරින් අතර මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.
සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින් ලබන අගහරුවාදා මැතිවරණ කොමිසමට කැදවා සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබේ.
එහි දි මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනිමට අපේක්ෂා කෙරේ.