මැතිසබේට ඒකඡන්ද පත්කිරීම් ගණනාවක් – සවස තෙක් කල් තැබේ

Picture of අසංක

අසංක

නම වැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක වරයා ලෙස රංජිත් සියඹලාපිටිය මහතා ඒකමතිකව පත් කෙරේ.

ඔහුගේ නම යෝජනා කරන ලද්දේ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසිනි.

එය ස්ථිර කරන ලද්දේ අමාත්‍ය නිමල් ලන්සා විසිනි.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා ලෙස අංගජන් රාමනාදන් මහතා අද පත් කර ගැනිණ.

මෙහිදී විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පිළිගන්නා බව කථානායක කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය.

එමෙන්ම සභා නායක ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා ද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද පත්කොට ඇතැයි කතානායකවරයා නිවේදනය කළේය.

සැසිවාරය අද පස්වරු 3.00 දක්වා කල් තැබුණු අතර ඉන් අනතුරුව ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් උත්සවශ්‍රීයෙන් පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වනු ඇත.