ප්‍රබෝධා හෙට්ටිආරච්චි
කොවිඩ් ආසාදිත පුද්ගලයෙකුගේ ආශ්‍රිතයන් වීම හේතුවෙන් අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇතැයි වාර්තා වේ.
රාජ්‍ය අමාත්‍ය ජීවන තොණ්ඩමන් මහතා, වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන එස්.බී.දිසානායක, නිමල් පියතිස්ස හා මරුදපාණ්ඩි රමේෂ්වරන් යන මහත්වරුන් ද නිවෙස් නිරෝධායනයට යොමුකර ඇති බව වාර්තා වේ.
හම්බන්තොට නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමුකර ඇති ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇති ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපති කදිර් සෙල්වම් මහතාගේ සමීප ආශ්‍රිතයෙකු ලෙස රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාව හඳුනාගෙන ඇත. ඒ මහතා කොටගල ලංකා කම්කරු කොංග්රස් මූලස්ථානයේ පිහිටි ඔහුගේ නිවසේදී ස්වයං නිරෝධානයට යොමු කර ඇත.
මේ මස 17 , 18 සහ 19 යන තෙදින තුළම ජීවන් තොණ්ඩමන් මහතා කොවිඩ් – 19 වෛරසය අසාදනය වු කදිර් සෙල්වම් මහතාගේ සමීප ආශ්‍රිතයෙකු වී සිට ඇති බවට සෞඛ්‍ය අංශ මේ වනවිට තහවුරු කරගෙන තිබේ.
තලවකැලේ නගර සංවර්ධන රැස්වීමට පැමිණ සිටි වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නිමල් පියතිස්ස හා මරුදපාණ්ඩි රමේෂ්වරන් යන මහත්වරුන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රීන් පිරිසක් නැග මහතා ද නිවෙස් නිරෝධායනයට යොමුකර ඇති බව වාර්තා වේ.
තලවකැලේ ලිඳුල නගරාධිපතිවරයා, නුවරඑළිය, කොටගල, අඹගමුව, නෝර්වුඩ් හා මස්කෙළිය ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ද ඇතුළු සේවකයින් 10 දෙනෙකු හා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනෙකු ද ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව වාර්තා වේ.