– ගෝලීය ශ්‍රී ලාංකික සංසදය කියයි
මැදපෙරදිග කලාපය තුළ කොවිඩ්-19 ආසාධනය වීමෙන් මියගිය ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව මෙරට තුළ දී එම වෛරසය ආසාධනය වීමෙන් මියගිය සංඛ්‍යාවට වඩා ඉහළ අගයක් ගන්නා බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය පවසයි.
එම සංසදය විසින් සෞඛ්‍ය සේවා ජනරාල් අනිල් ජාසිංහ මහතාගෙන් ඉල්ලීම් ගණනාවක් ඇතුළත් ලිපියක් යවමින් මේ බව පවසා තිබේ.
ඔවුන් ඉල්ලා සිටින්නේ මෙරට නිරෝධායන මධ්‍යස්ථාන සංඛ්‍යාව වැඩි කර Covid– 19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්ව අසරණව සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම හැකිතාක් කඩිනම් කරන ලෙසයි.