අන්තර්ජාතික සමථකරණය මඟින් එකගත්වයට පත්වීම පිළිබඳව වු එක්ගිසත්වි ජාතීන්ගේ ජාත්‍යන්තර සම්මුතියට ශ්‍රී ලංකාව ඊයේ (07) අත්සන් තැබීය .ශ්‍රී ලංකාව වෙනුවෙන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සිංගප්පුරුවේදී ෂැන්ග්‍රිල්ලා හෝටලයේදී පැවතිවිශේෂ සමුළුවකදී ඊයේ මෙම ගිවිසුමට අත්සන් තබා ඇත.මැදිහත්වීම පිළිබඳව සිංගප්පුරු සම්මුතිය යනුවෙන් මෙම සමුළුව නම් කර ඇත..සමථකරණය පිළිබඳවශ්‍රී ලංකාව අන්තර්ජාතික වශයෙන් පිළිගත් ක්‍රමවේදයක් සහිත රටක් වන අතර සමථකරණයන්හි බලාත්මක භාවය අන්තර්ජාතික පිළිගැනීම පිළිබඳව ඇතිව තිබු අවිශ්වාස සහගත බව දුරු කිරීමට මෙම ගිවිසුම මගින් හැකියාව ලැබේ.මේ ගිවිසුම අත්සන් කිරීමත් සමඟ රටවල් දෙකක් අතර ඇති වන වාණිජ ගිවිසුම්වලදී ඇති වු ආරවුල් සමථකරණය හරහා විසදා ගැනීමටත් එය අධිකරණ ක්‍රියාමාර්ගයක් තුළින් බලාත්මක කර ගැනීමටත් මෙම සම්මුතිය මගින් ඉඩ සලසනු ලැබේ.2018 දෙසැම්බර් මස එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් මෙකී සම්මුතිය පිළි ගන්නා ලද අතර එම සම්මුතියට පාර්ශ්වකරුවන් වශයෙන් එළඹීම සඳහා අත්සන් කිරීමට රටවල් වලට ඉඩ සැලැස්වෙන පරිදි ගිවිසුම අත්සන් කර තිබේ.