මැයි මාසයේ උද්ධමනය පහළ යයි

Picture of අසංක

අසංක

(රමේෂ් වරල්ලෙගම)

උද්ධමන අනුපාතය මැයි මාසයේදී උද්ධමනය පහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය මැයි මාසය සඳහා 0.9% ක් දක්වා අඩු වී ඇති අතර අප්‍රේල් මාසය සඳහා 1.5% ක් ලෙස වාර්තා වී තිබුණි.

මැයි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 0.0% දක්වා අඩු වී ඇති අතර 2024 අප්‍රේල් මාසයේ දී එය වාර්තා වුයේ 2.9 % ක් ලෙසයි.

එමෙන්ම, මැයි මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 1.3% ක් දක්වා වැඩි වී ඇති අතර එය අප්‍රේල් මාසයේ දී 0.9 % ක් ලෙස වාර්තා විය.