මිද්දෙණියේ නිවසක වෙඩි තැබීමක්

Picture of අසංක

අසංක

මිද්දෙණිය පොලිස් වසමේ සමූහ ගොවිපල ප්‍රදේශයේ නිවසක් තුලදී ඊයේ රාත්‍රියේ පුද්ගලයෙකුට වෙඩි තබා තිබේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 20ක් වූ තෝරකොළයාය පදිංචි අයෙකි.

තුවාලකරු ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

කවුරුන් විසින් මෙම වෙඩි තැබීම සිදු කලේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මිද්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.