මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ රෝගීන් ගණන 101ක් දක්වා ඉහළට

Picture of අසංක

අසංක

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ කොවිඩ්-19 පොකුරේ මේ වනවිට තහවුරු වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 101ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

වෛරසය ආසාදිතයින් කුරුණෑගල, මොණරාගල, යාපනය, මිනුවන්ගොඩ, දිවුලපිටිය, කටාන, සීදුව, මීරිගම, ජාඇළ සහ මහර ප්‍රදේශවලින් හමු වී තිබේ.