මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අයත් තවත් ආසාදිතයන් 51දෙනකු අද (12) පස්වරුවේ හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඉන් 15 දෙෙනකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන ඇත.
අනෙක් 36 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් සේවකයන්ගේ සමීපතමයන් වේ.
ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අයත් ආසාදිතයින් ගණන 1400ක් පමණ වේ.