මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාවලට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් යෝජනාවක් සම්මත කරගෙන ඇත .
ප්‍රජාතන්තවාදී ලෙස පත් වූ රජය කුමන්ත්‍රණයක් මඟින් හමුදා පාලනය යටතට ගැනීමට විරුද්ධව එලෙස යෝජනාවක් සම්මත කරගෙන ඇති බවද වාර්තාවේ.
ජිනීවා නුවරට ඊයේ (13) රැස් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47ක් රැස් වී එම යෝජනාව සම්මත කරගෙන තිබේ .
බ්‍රිතාන්‍ය සහ යුරෝපා සංගමය විසින් එම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර . එය ඒකමතිකව සම්මත වී තිබෙන බව විදෙස් වාර්තා පෙන්වාදේ .
එම යෝජනාව මඟින් යළි ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ස්ථාපිත කරන ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගයේ නායිකා අවුන්සාන් සුචී ඇතුළු දේශපාලනඥයින් නිදහස් කරන ලෙසත් බලකර ඇත.
එමෙන්ම මියන්මාරයට එරෙහිව අවි ආයුධ තහනමක් ඇතුළු සම්බාධක පනවන ලෙසද මානව හිමිකම් කවුන්සිලය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා තිබේ.