මියන්මාරය ජාත්‍යන්තරයෙන් උපකාර ඉල්ලයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

 

උමංග බණ්ඩාර

අග්නිදිග ආසියාවේ ආසාදන රැල්ලක් සමග පොරබදමින් සිටින මියන්මාරයේ හමුදා පාලකයා කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවෙන් වැඩි සහයෝගයක් අපේක්ෂා කරන බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.

අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ (ආසියාන්) සහ මිත්‍ර රටවල් ඇතුළුව කොවිඩ්-19 වැළැක්වීම, පාලනය කිරීම සහ ප්‍රතිකාර කිරීම පිළිබඳ වැඩි සහයෝගයක් ලබාදෙන ලෙස ජ්‍යෙෂ්ඨ ජෙනරාල් මින් අවුන්ග් හේලිං පවසා තිබේ.

පෙබරවාරි 01දා අවුන් සාන් සූ කීගේ නායකත්වයෙන් යුතුව තේරී පත් වූ රජය හමුදාව විසින් නෙරපා හැරීමත් සමග මියන්මාරයේ පාලනය මේ වනවිට අවුල් ජාලයක්ව පවතී. හමුදාව සහ අලුතින් පිහිටුවන ලද උප හමුදාවන් අතර නිරන්තර විරෝධතා හා සටන් ඇති විය. මෙම තත්ත්වය හමුවේ මියන්මාරය වෙත විදෙස් සම්බාධකද දමා ඇති අතර, මෙය වසංගතය පාලනය සඳහා ඔවුනට දැඩි බාධාවක් වී ඇත.