පැතුම් වික්‍රමරත්න
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් 15 දෙනාම එකමුතුවී මියන්මාරයේ ප්රජාතන්ත්රවාදී පරිවර්තනයකට සහය පළ කර ඇත.
ඇමෙරිකාව , චීනය යන සියලු සාමාජික රටවල් එක්ව මෙවැනි යෝජනාවකට එකඟවීම විශේෂ සිදුවීමක් බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත .
අමෙරිකා එක්සත් ජනපදය චීනය ඇතුළු රටවල් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ලෙස මෙහිදී ඉල්ලා සිට ඇත්තේ , මියන්මාරය තුළ ප්රජාතන්ත්රවාදී ආයතන සහ එම ක්‍රියාවලිය පැවතිය යුතු බවත් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලින් බැහැරව මානව හිමිකම්වලට ගරු කළ යුතු බවත්ය ..
මියන්මාරය තුළ නීතියේ ආධිපත්‍යයට ඉඩ සැළසිය යුතු බව ද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය සඳහන් කර ඇත .