මාලු අල්ලන මුවාවෙන් මීගමුවෙන් මුහුදු ගොස් ජාත්‍යන්තර මුහුදේ දී මත්කුඩු මිලදී ගෙන නැවත පැමිණෙමින් සිටියදී ලාංකිකයන් 6 දෙනෙකු මත්කුඩු කිලෝ 119ක් සමඟ ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ධීවර යාත්‍රාව මීගමුවෙන් මුහුදු ගොස් තිබුණේ සතියකට පෙරයි.
ඉන්දියාවේ මධ්‍යම කාර්යාංශය විසින් ලංකාවේ මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත එම තොරතුරු ලබා දී ඇත.
සාර්ක් කලාපිය රටවල මත්ද්‍රව්‍ය විමර්ශන මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය තුළ ය.
මෙම යාත්‍රාව ජාත්‍යන්තර මුහුදේ දී පාකිස්තානයේ සිට ආ ඉරාන නෞකාවකින් මත්කුඩු මිලදී ගෙන මිලදී ගෙන ගනිමින් සිටියදී කාර්මික දෝෂයකට ලක්ව මාලදිවයන දෙසට පාවෙමින් තිබී ඇත.
එහිදී ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.