මීගමුව රෝහල මධ්‍යම රජයට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මීගමුව මහ රෝහල මධ්‍යම රජයට පවරා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මීගමුව මහ රෝහල මේ වන විට පළාත් සභා රෝහලක් ලෙස ක්‍රියාත්මක වෙයි.

ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කර තිබේ.

කටුනායක ගුවන් තොටුපොළ ආසන්නයේ පිහිටා තිබීම, සංචාරකයන් විශාල පිරිසක් ගැවසෙන කලාපයක පිහිටා තීබීම ආදි හේතු හේතුවෙන් මෙම රෝහල මධ්‍යම රජයට පවරා ගැනීමට නියමිතය.