මුතුහෙට්ටිගම ශ්‍රීලනිප තනතුරුවලින් ඉවත් වෙයි

Picture of අසංක

අසංක

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ තමා දැරූ සියළු තනතුරුවලින් ඉවත්විමට හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිශාන්ත මුතුහෙට්ටිගම මහතා තීරණය කර ඇත.

මෙවර මැතිවරණයට තරග වැදීම සදහා ශ්‍රීලනිපයෙන් නාමයෝජනා නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බව මුතුහෙට්ටිගම මහතා මාධ්‍ය වෙත පැවසීය.

ඒ අනුව ඉදිරියේදී පොදුජන පෙරමුණට එක් වීමට අපේක්ෂා කරන බවත් ඔහු මාධ්‍ය වෙත අනාවරණය කළේය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා තමන්ට සාධාරණ උත්තරයක් දෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඒමහත පැවසීය.