මූල්‍ය ගැටලුවලට මුහුණ දී ඇති පළාත් පාලන ආයතන සඳහා විශේෂ සහන සැලසීමට රජය තීරණය කර ඇත.
පළාත් පාලන ආයතනවලින් 50% ක් පමණ කොරෝනා ව්‍යාප්තියත් සමග ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් මූල්‍ය ගැටලුවලට ලක්ව ඇති බවත් ඒ අනුව මෙම සහන වැඩසටහන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කර සිටී .
මෙරට ක්‍රියාත්මක පළාත් පාලන ආයතන සංඛ්‍යාව 347 ක් වන අතර එම ආයතනවලට වූ මූල්‍ය ගැටලු පිළිබඳ වාර්තාවක් කඩිනමින් ලබා දෙන ලෙස උපදෙස් දී අහි බවත් අමාත්‍යංශය සඳහන් කර ඇත .
පළාත් පාලන කොමසාරිස්වරුන් මාර්ගයෙන් එම වාර්තා ලබා ගැනීමෙන් අනතුරුව අදාළ සහන සැලසීම ක්‍රියාත්මක කෙරේ .