ප්‍රබෝධා හෙට්ටිආරච්චි
දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (30) නවදිල්ලි නුවරට ළඟා වී තිබේ.
මෙම සංචාරයේ දී මුදල් අමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.
ඉන්දීය ආයෝජන වැඩිවශයෙන් මෙරටට ලබාගැනීම කෙරෙහි එම සාකච්ඡාවලදී වැඩි අවධානය යොමුවනු ඇතැයිද වාර්තාවේ.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය එස්.ආර්.ආටිගල මහතා ද මෙම සංචාරයට එක්වේ.