රජයේ මුදල් අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස් මූලස්ථානයට ලබාදී ඇති උපදෙසක් මේවනවිටත් ක්‍රියාත්මක වී නැතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
එම නියෝජ්‍ය පොලිස්පතිවරයා මුදල් අවභාවිතය සිදුකර ඇත්තේ ඔහු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු ලෙස සේවයේ නිරතව සිටියදී ය.
ඒ සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය විමර්ශන පවත්වා පොලිස් අධිකාරි කාර්යාලයේ සේවයේ නිරතව සිටි සැරයන්වරයෙක් හා අධිකාරි කාර්යාල ගිණුම් අංශ ලිපිකාරිනියක් අත්අඩංගුවට ගෙන තිබුණි.
පොලිස් අධිකාරිවරයා සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ නීතිපතිවරයාගෙන් විමසීමට විශේෂ විශේෂ විමර්ශන ඒකකය පියවර ගත්තේය.
ඒ අනුව ඔහු අත්අඩංගුවට ගත් වහාම අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී මාස ගණනාවක් ගතවී ඇත.
විශේෂ විමර්ශන ඒකකය එය මෙතෙක් ඉටුකර නැත.