මුස්ලිම් විවාහ-දික්කසාද පනත සං‌ශෝධනයේ ‌බොරුව එළියට

Picture of අසංක

අසංක

මුස්ලිම් විවාහ හා දික්කසාද ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් වන පනත සංශෝධනයට ඊයේ (21)අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබුණද බාලවයස්කරුවන්ට විවාහ වීමේ හැකියාව තවදුරටත් නව සංශෝධනය ඔස්සේ ඉඩකඩ පවතින බව මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයා පවසයි.
මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ එන විවාහ විය යුතු වයස, ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය හා විවාහ වීම සදහා කැමැත්ත ප්‍රකාශ කිරීම යන කරුණු නව සංශෝධනයෙන් වෙනස් කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
අමාත්‍යවරයා පවසන්නේ පනතේ නව සංශෝධනය මගින් විවාහ විය යුතු අවම වයස අවුරුදු 18 ලෙස සීමා කළ දිඊටවඩා අඩු වයසින් විවාහ වන්නේ නම් කාති උසාවියේ අවසරය මත’ එය සිදුකළ හැකි බවයි.
ඒ අනුව මුස්ලිම් විවාහ නීතියේ සමාජ ආන්දෝලනයට තුඩු දුන් අවම වයස් සීමාව වයස 18 දක්වා මුළුමනින්ම සීමා කරනු වෙනුවට පවතින නීති ප්‍රතිපාදන පරිදිම බාලවයස්කරුවන්ට ද විවාහ වීමේ හැකියාව පවතී.
නව පනත් සංශෝධනය මගින් කාන්තාවන් විවාහ වීමේදී මාපිය කැමැත්ත පරිදි විවාහ වීම වෙනුවට අදාළ කාන්තාවගේ ද කැමැත්ත මත විවාහ සිදුකිරීම කළ යුතුය.
එහෙත් කාන්තා කාතිවරියන් පත්කිරීමට කෙතරම් උත්සහ කළ ද ආගමික නායකයන්ගේ කැමැත්ත නොලැබුණු බැවින් නව සංශෝධනයට කාන්තා කාතිවරියන් පත්කිරීමට හැකිය යන්න ඇතුළත් නොකළ බව ද අමාත්‍යවරයා පැවැසීය.
මුස්ලිම් විවාහ හා දික්කසාද ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් පනත වෙනස් කළ යුතු බවට මුස්ලිම් ප්‍රජාවගේ මෙන්ම මානව අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානවලින් දිගින් දිගටම අදහස් ඉදිරිපත් වීම හේතුවෙන් පනත සංශෝධනයට රජය පියවර ගෙන තිබේ.