දම්පත් රණසිංහ
රත්මලානේ දී කේරළ ගංජා කිලෝ 50ක් සමග බස්රථ හිමිකරුවෙක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙක් ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ කොළඹ මිහිඳු මාවතේ පිහිටි සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසිනි.
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගය ඔස්සේ මන්නාරමට රැගෙනවිත් එහි සිට බස් සහ ලොරි රථවලින් කේරළ ගංජා රත්මලාන ප්‍රදේශයේ නිවසක සඟවා තබාගෙන බෙදා හැර තිබේ.
බස් රථ වලට අමතරව ඔහුට ලොරි රථ ද අයත්ව ඇතැයි වාර්තා වේ.