මෙරට තුළ මෙතෙක් වාර්තා වූ වැඩිම කොවිඩ්-19 වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව අද වාර්තා කරමින් මෙරට කොරෝනා රෝගීන් ගණන 1317 දක්වා අද ඉහළ ගියේය.
අද රාත්‍රි 9.30 වනවිට මෙරට තුළ වාර්තා වූ ආසාදිතයන් ගණන 135කි.
වෛරසය ආසාදිතයින් 595 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
ඊයේ (25) දිනය තුළ නව මරණයක් වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 10 දක්වා ඉහළ ගියේය.
රෝගීන් 712 දෙනකු සුවය ලබා පිටව ගොස් තිබේ.