මෙරටට එන අයගේ නිරෝධායන කාලය අඩු කෙරේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
විදේශ ගතව සිටින පුද්ගලයින් මෙරටට පැමිණීමෙන් පසු නිරෝධායනය විය යුතු දින ගණන 28 සිට 14 දක්වා අඩු කිරීමට රජය තීරණය කර ඇත
නව ක්‍රමවේදය අනුව විදේශ ගතව මෙරටට පැමිණෙන පුද්ගලයෙකු දින 14ක කාලයක් නිරෝධායනය වීමෙන් පසුව සිදුකරනු ලබන PCR පරීක්ෂණයෙන් ඔහු කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට තහවුරු වුවහොත් , නිරෝධායනය අවසන් කර මධ්‍යස්ථානයෙන් පිටව යාමට අවස්තාව හිමිවේ
මේ අතර ඉදිරි සති කිහිපයේදී ගුවන් තොටුපොළ විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණය ගන්නා බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ජා සිදුකළ බවත්කො විඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියේය .
විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් ගුවන් තොටුපොළේදී මුහුණදෙන ප්‍රමාදය මග හරවා ගැනීම සඳහා ද ගුවන් තොටුපොළ බලධාරීන් සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් සමග සාකච්ජා කළ බවද මෙහිදී යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියේය .