ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසුව මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ තොරතුරු ඇතුළත් කර ගැනීම සඳහා විශේෂ පරිගණක මෘදුකාංගයක් හඳුන්වා දී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කර සිටී .
, සංචාරකයින් මෙරට පැමිණ වීසා ලබා ගැනීමේ ක්‍රියාවලියේ සිට මෙරට සංචාරය කරන ස්ථාන පිළිබඳව ද එම මෘදුකාංගය මගින් නිරීක්ෂණය කරන බවද අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ සඳහන් කළාය .
සංචාරකයින් මෙරට පැමිණෙන අවස්ථාවේදී හා ඊට දින 5 කට හෝ 7 කට පසුව නැවත පී.සි.ආර් පරීක්ෂණයක් සිදු කිරීමට සැලසුම් කර ඇති බවද මෙහිදී ඇය සඳහන් කලාය .